දේවින්ද පිණිදිය
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 14.70 සහ රුපියල් මිලියන 14.41 බැගින් වූ මුල්‍ය ප්‍රතිපාදන මත අභිනවයෙන් ඉදිකළ ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
මීට අමතරව රුපියල් මිලියන 5.1 මුල්‍ය ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ද අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.
2025 වසරේ සැප්තැම්බර් මස 04 දින ගලේවෙල නව තැපැල් කාර්යාලයේ ඉදිකිරිම් ආරම්භ කරන ලද අතර මාස 05 ක් වැනි කෙටි කාලයක් තුළ එහි ඉදිකරීමි අවසන් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම 2025 වසරේ සැප්තැම්බර් මස 07 දින ඉදිකිරිම් ආරම්භ කරන ලද මහවෙල තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ද ඉදිකිරිම් කටයුතු මාස 05 ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට පියවර ගෙන ඇත.
වසර 100 කට එහා ගිය අතීතයකට හිමිකම් කියන දෙවන ශ්‍රේණියට අයත් මහවෙල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද ඇට්නස් ගුණසිංහ මහත්මියට සමරු සිහිවටනයක් ප්රදානය කිරීම ද අමාත්‍යවරයා අතින්
සිදුවිය.
ඉහත විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා එක් වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ගලේවල තැපැල් කාර්යාලය වසර 50 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය බවත්, නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග ප්‍රදේශයේ ජනතාවට මෙම මගින් සේවා ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි.
