Spread the love

තායිලන්තයේ බැංකොක් කුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධීව රැගෙන ආ රුපියල් රුපියල් මිලියන 460 ක් වටිනා කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදි අද (12) පස්වරුවේ ඇය මෙරටට පැමිණි පසු රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව ඇත.

රේගු නිලධාරීන් පැවසුවේ සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46ක් වන බවයි.

සැකකාරිය හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගත් බවත් රේගු නිලධාරීන් පැවසුවේය.