මේ වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවද පැවසුවේය.
එම ආදායමෙන් වැඩි කොටසක් උපයා ගෙන ඇත්තේ වාහන ආනයනය තුළින් වීමත් විශේෂත්වයක් බවද වැඩි දුරටත් කීවේය.
