Spread the love

නිමල් රාජපක්ෂ –

ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය හා එක්ව විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් සංවිධානය කළ පුළුල් ජල ශාස්ත්‍රීය පුහුණු වැඩසටහනක් දික්ඕවිට වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, මෙම පුහුණු වැඩසටහන සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය (සූරියවැව), රුහුණු විශ්ව විද්‍යාලය, සාගර විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය, ඌව විශ්ව විද්‍යාලය, CINEC Campus සහ MSTI Maritime Academy හි ‍ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂකයින් එකසිය දොලහක් (112) සහභාගි වූහ.

නවීන ජල ශාස්ත්‍රීය උපකරණ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රායෝගික සමීක්‍ෂණ ක්‍රියාකාරකම් වලට සෘජුවම සම්බන්ධ වීම මඟින් ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳ අවබෝධය සහ ආරක්‍ෂිත සමුද්‍රීය පරිසරයක් සකස් කිරීමේ වැදගත්කම පිලිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමට, එහිදී ඔවුන් වෙත අවස්ථාව උදා විය.