Spread the love

ඉල්ලන්නේවත් නැතිව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලබාදුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මිරිහාන ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේග මහ මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.

අද වන විට මෙරට ආණ්ඩුවකට ලැබුණු වැඩිම ජාත්‍යන්තර සහයෝගය හිමි ආණ්ඩුව බවට මෙම ආණ්ඩුව පත්ව ඇති බවද හෙතෙම පැවසීය.

‘ලෝක බැංකුව අපි ඉල්ලන්නෙත් නැතුව පහුගිය දවස්වල අපේ ආණ්ඩුවට ඩොලර් මිලියන 200ක් දුන්නා සංවර්ධන වැඩවලට පාවිච්චි කරගන්න කියලා’