මන්නාරම දිස්ත්‍රික්කයේ වගා හානි නිර්දේශ වූ අක්කර 9,228ක ගොවීන් 4,285 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 126ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත හෙට (26) දිනයේදී බැර කිරීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
024/25 මහ කන්නයේ නොවැබ්ර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ආපදාවට පත් ගොවිබිම් සඳහා වගා හානි ගෙවීම් කටයුතු සිදු කර තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මේ අනුව මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව් හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා නිර්දේශ වූ වගා බිම් අක්කර 37,887ක් වෙනුවෙන් ගොවීන් 33,735 දෙනෙක් සඳහා වන්දි ලබා දී ඇති බවය.
ඒ අනුව රුපියල් මිලියන 602ක මුදලක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට එම මණ්ඩලය පියවර ගෙන තිබේ.වගැ
එමෙන්ම වේ වන විට වැඩි වශයෙන් වගා හානි වූ දිස්ත්‍රික්කවල වන්දි ගෙවීම මේ වන විට අවසන් කර ඇති බවත් ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටියි.
