නිමල් රාජපක්ෂ
දුම්රිය නියාමකවරුන් ඊයේ (09) මධ්‍ය රාත්‍රියේ සිට පැවැත්වීමට තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් වරයා සමග පැවැති සාකච්ජාවකින් පසුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුව මත අත්හැර තිබේ.
ඒ අනුව අද (10) දිනයේ දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු කෙරෙන බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් රුක්මාල් බණ්ඩාර මහතා පවසයි
