නිමල් රාජපක්ෂ
වරාය නගරයේ (port city)සුපෝගබෝගී යාත්‍රාවක් තුළ පවත්වාගෙන ගිය මත්පැන් සාදයක් හා බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරමින් තිබු ආපනශාලා 2ක් වටලා රුපියල් ලක්ෂ පනහක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 3 දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ දේශීය මත්පැන් මිලි ලීටර් 19500 ක්, විදේශීය මත්පැන් මිලි ලීටර් 45400 ක්,සහ බියර් මිලි ලීටර් 244925 ක් තිබු බව සුරාබදු නිලධාරින් පවසයි.
මෙම සැකකරුවන් ඉදිරිියේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී එන් .ඒ . පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතා ගේ අධික්ෂණයෙන් , දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් , දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක ,සුරාබදු පරීක්ෂක සරත් ජයවීර, සුරාබදු සැරයන් ප්‍රනාන්දු, සුරාබදු කෝප්‍රල්වරුන්වන 1058 උදාර, 1062 බුද්ධික, 1176 චනක ,1189 ගිහාන්, සුරාබදු නියාමිකා රියදුරු සුපුන්, සුරාබදු රියදුරු හරිස්චන්ද්‍ර යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
