Spread the love

උත්සව සමයේ මගීන්ගෙන් අමතර මුදල් අය කරන බස් රථවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

සිංහල සහ දමිළ අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙන අතර මගී අවශ්‍යතාව අනුව අතිරේක බස් රථ යෙදවීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන් සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් ප්‍රවාහන ඇමතිවරයා පැවසුවේය.