Spread the love

තෙල්දෙණිය නිශ්ශංක


තෙල්දෙණිය ඔරුතොට පාලම මතින් වික්ටෝරියා ජලාශයට පැන්න වයස අව්රුදු විසි දෙකක තරුණියගේ ජිවිතය බේරා ගැනිමට නාරන්පනාවේ පදිංචි වයස අව්රුදු විසි අටක තරුණයෙකු සමත්විමේ සිද්ධියක් තෙල්දෙණිය පොලීසියෙන් වාර්තාවිය.


ඔරුතොට පාලම මතින්ඊයේ (03)දහවල් 11.30 ට පමණ වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානිකර ගැනිමට වයස අව්රුදු විසිදෙකක තරුණියක් ගත් උත්සහාය ඒ අසල හෝටලයක තේපානය කරමින් සිටි තරුණයෙකු දැක වහාම ජලාශයට පැන ඇගේ ජිවිතය බේරා ගෙන ඇත.


මෙලෙස ජලාශයට පැන ජිවිතය බේරාගත් වයස අව්රුදු විසි දෙදක තරුණිය තෙල්දෙණිය දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දැඩි පුතිකාර ඒකකයට ඇතුලත් කර තිබේ



තෙල්දෙණිය පොලිසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි