Spread the love

මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ 8 හැවිරිදි දරුවකුය.

සිද්ධිය වී ඇත්තේ ඊයේ (27) සවස බව මැදවච්චිය පොලීසිය පවසයි.

දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී අති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇත.

මැදවච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.