නිමල් රාජපක්ෂ-
දිවයින පුරා පිහිටි විශ්වවිද්යාල විද්යායතන හයේ ක්රියාත්මක ව්යාපෘති සහ ඒවා ක්රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ ගේ ප්රධානත්වයෙන් ඊයේ (19) නිපුණතා පියස අමාත්ය කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්විණි.
අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම දිවයින පුරා පිහිටි විශ්වවිද්යාල විද්යායතනවල ප්රධානීන් සහ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙහිදී එක් එක් විද්යායතනයේ ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය සහ ඒවා ඉදිරියට ගෙන යාමේදී මතුව ඇති ගැටලු වෙන වෙනම සාකච්ඡාවට ලක් කෙරිණි. විශේෂයෙන් අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩලවල ගැටලු මෙන්ම ඉඩම්, ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයාගේ අවධානය යොමු විය.
මාතර, කුලියාපිටිය, බටන්ගල, රත්මලාන සහ යාපනය විශ්වවිද්යාල විද්යායතනවල පවතින ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ඒවා නිරාකරණය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
වෘත්තීය අධ්යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අදාළ ආයතනවල පවතින ගැටලු හඳුනාගෙන ඒවාට ප්රායෝගික විසඳුම් ලබාදීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
