උපතිස්ස පෙරේරා
මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රය පුළුල් කරමින් ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු වලට කඩ්නමි විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුන අතර, එහිදී මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රය පුළුල් කරමින් වඩාත් විශිෂ්ට සේවාවක් ජනතාවට ලබාදීම සඳහා මානව සම්පත යොදාගත හැකි ක්‍රමවේද හා පැන නැගී ඇති ගැටලු පිළිබඳව ඉතාමත්ම විධිමත් හා සාර්ථක වූ සාකච්ඡාවක් පවත්වන්නට විය.
මෙම සාකච්ඡාවේ දී සමස්ත ලංකා හෙද සංගමය නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් ඉදිරිපත් කළ වෘත්තීය ඉල්ලීම් අතර, මහජන සෞඛ්‍ය හෙද අධ්‍යක්ෂ තනතුර සඳහා පළාත් සභාවල රාජකාරියේ නියුතු කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නොහැකි බැවින් නියෝජනයක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කර ගැනීම, 1 ශ්‍රේණියේ හෙද නිලධාරී (මහජන සෞඛ්‍ය) පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීම හා බාධාවන් ඉවත් කර ගැනීම, ‛‛ආරෝග්‍යා” වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්ගේ හා ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිලධාරි (CPN) දායක කර ගැනීම, මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් සහ ප්‍රජා මනෝ වෛද්‍ය වෛද්‍ය නිලධාරින් සඳහා ද ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම සඳහා යතුරුපැදි ලබාගැනීම, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරී ආවරණය කරන නිලධාරීන් සඳහා ද දිරිදීමනාවන් ලබාගැනීම, පවුල් සෞඛ්‍ය නිලධාරින්ගේ පුහුණුවේ දෙවෙනි අදියර බාරව කටයුතු කළ හෙද ආචාරිනී (මහජන සෞඛ්‍ය) මුහුණ දී ඇති අර්බුදය විසදා ගැනීම සහ ක්ෂේත්‍රයේ මතුවෙමින් පවතින අර්බුධකාරී තත්ත්වයන් වළක්වා ගැනිම, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු හෙද කාර්ය මණ්ඩලයන් සඳහා අධ්‍යාපනික අවස්ථා වැඩිදියුණු කිරිම සහ අධ්‍යාපනය යාවත්කාලීන කිරිම මෙන්ම හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.
මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් ගේ උසස් වීම හා පුරප්පාඩු යාවත්කාලීන කිරීම, ආරෝග්‍යා වැඩසටහනට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම, ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිලධාරී හා මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් මුහුණ දෙන්න ගැටලු හා විසඳුම් පිළිබඳවත් මෙන්ම විශේෂයෙන් පුහුණු අවස්ථා වැඩි දියුණු කිරිම, හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, අත්‍යවශ්‍ය තනතුරු ඇතිකර ගැනීම ආදී ක්ෂේත්‍රයට බලපානු ලබන විශේෂ කරුණු කීපයක් පිළිබඳව මෙහිදී වඩාත් පුළුල්ව සාකච්ඡා සිදු කරන ලදි.
මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන වෘත්තියක් ලෙස මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සිදු කරන මෙහෙවර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ඇගයීමට ද ලක් කරන ලදි.
සමස්ත ලංකා හෙද සංගමය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින්, ගැටළු හදුනා ගනිමින් එම ගැටළු නිරාකරණය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කරන ලදි.
සිය වෘත්තීය ගැටළු නිරාකරණයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ගේ අවධානය යොමු වීම පිළිබඳව සාකච්ඡාවට එක් වූ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරින් සහ විශේෂ ශ්‍රේණියේ හෙද ආචාරණීන් සිය ප්‍රසාදය සෞඛ්‍ය ඇමත්‍යවරයා ඇතුළු නිලධාරීන් වෙත මෙහිදී පළ කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) I ජී.එම් ජනක කිත්සිරි ගුණවර්ධන, අතිරේක ලේකම් (පාලන) II චාමික ගමගේ, අධ්‍යක්ෂ (හෙද වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින්, සමස්ත ලංකා හෙද සංගමය නියෝජනය කරමින් එහි සභාපති එස්. එරවීන්ද්‍ර කහඳව ආරච්චි, ප්‍රධාන ලේකම් එස්.බී මැදවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
