දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කල වැඩ වර්ජනය අද (05) දිනයෙත් ක්‍රියාත්මක වෙයි.
අද රැස්වන එම සංගමයේ විධායක සභාවේදී, දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරි තීරණ ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.
මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශකලේය
