Spread the love

නිමල් රාජපක්ෂ –

ශ්‍රී ලංකාවේඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) නිල හමුවක් සඳහා අද දින (2026 ජුලි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.  

මෙම නිල හමුවේදී, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් 27 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය. තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි