නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ගෝලීය වශයෙන් තරගකාරී, තිරසර සහ ශක්තිමත් ක්ෂේත්රයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික වශයෙන් වැදගත් උපදේශන ව්‍යාපෘති දෙකක් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ලෝක බැංකුවේ Project Preparation (GFPP) යටතේ සහාය ලැබෙන මෙම වැඩසටහන් ඊයේ ( 2026 අගෝස්තු 31 වැනිදා) ආරම්භ කළ අතර, එම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා එක්විය.
මෙහි ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස 2026–2031 ජාතික සංචාරක උපායමාර්ගික සැලසුම් උපදේශන වැඩසටහන හඳුන්වා දී තිබේ. ස්පාඤ්ඤයේ Aninver Development Partners සහ ශ්‍රී ලංකාවේ EML Consultants PLC යන ආයතන එක්ව මෙම උපදේශන කටයුතු සිදු කරයි.
මෙම වැඩසටහන යටතේ සංචාරක ඉල්ලුම හා සැපයුම පිළිබඳ විශ්ලේෂණය, ආයෝජන අවශ්‍යතා ඇගයීම, නියාමන හා ආයතනික පද්ධති සමාලෝචනය, අලෙවිකරණ උපායමාර්ග සංවර්ධනය සහ ජාතික ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිතය.
ඒ අනුව ඉදිරි වසර පහ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක උපායමාර්ගයේ ප්‍රධාන පදනම මෙම සැලසුම මගින් සකස් කෙරෙන අතර, පළාත් මට්ටමේ ප්‍රමුඛතා හා ජාතික ප්‍රතිපත්ති අරමුණු සමඟ එය සම්බන්ධ කරමින් ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
මේ අතර, Global Destination Communication Campaign Road Map Consultancy නමින් තවත් ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබේ. එය ඇමරිකා එක්සත් ජනපදයේ Skift Inc. සහ ශ්‍රී ලංකාවේ MTI Consulting යන ආයතන විසින් මෙහෙයවනු ලබයි.
මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරි වසර පහ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ ගෝලීය ප්‍රචාරණ උපායමාර්ගයක් සකස් කිරීමට නියමිතය. වෙළෙඳපොළ තොරතුරු, නිර්මාණාත්මක ප්‍රචාරණ ක්‍රමවේද සහ ප්‍රචාරණ වැඩසටහන් කළමනාකරණ සැලැස්මක්ද එයට ඇතුළත් වේ.
මෙමගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන පණිවිඩ නවීකරණය කරමින්, දත්ත හා වෙළෙඳපොළ තොරතුරු මත පදනම් වූ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන සහ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබිඹු කරන ප්‍රවර්ධන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම උපදේශන ව්‍යාපෘති දෙකම එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ඉහළ වටිනාකමක් ඇති ආර්ථික ක්ෂේත්රයක් බවට පත් කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිත ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අවධාරණය කළේය.
මෙම වැඩසටහන් මගින් සංචාරක ක්ෂේත්රයේ පාලනය ශක්තිමත් කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම, නව වෙළෙඳපොළවල් හඳුනා ගැනීම සහ ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධිය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
