Spread the love

.

දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ

ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා ත්‍රිත්වය පහතින්.

(01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.

(02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.

(03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ  මුදල් 1,250,000 වියදම් කිරීම.

අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.