Spread the love

මෝටර් ර​ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්ත සමස්ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව වාහ​න වායු විමෝචනය අවම කරමින් අනාගත පරපුර උදෙසා වඩාත් තිරසාර පරිසර පද්ධතියක් දායක කිරීමේ අරමුණෙන් මෝටර් ර​ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සමගින් මෙය සංවිධානය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 31 දක්වා මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර වැඩි විස්තර සහ අයදුම්පත් මෙතැනින් ​ලබාගත හැකියි.