Spread the love

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.

උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.