පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වු අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඊයේ (11) දිනයේ තිරුක්කෝවිල් හි පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණ..
අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිශ්චිතව අණාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේ දී සිදුකිරීමට නියමිතවයි
කෙසේ නමුත් පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයත් සමග එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද පසුගියදා නිකුත් කිරීමට කටයුතු කළේය.
