Spread the love

නිමල් රාජපක්ෂ –

2024 වසර සදහා ්‍නොවැම්බර් මස 30 වැනි දිනට පෙර බලපත්‍ර නිකුත්කර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් 23 සුරාබද්ද නොගෙවන්නේ නම් එම සමාගම් සදහා 3% අධිභාරයක් පැනවීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
එහින් සමාගම් බොහොමයක් සුරාබද්ද ගෙවා ඇතැයිද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අධ්‍යන හා පර්යේෂණ)ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා පවසයි.
නමුත් ඩබ්ලිව් .එම් මෙන්ඩිස් සහ සමාගම , කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම ( වයඹ ඩිස්ට්ලරිස් පුද්ගලික සමාගම )සහ මීගොඩ මැකලම් බෲවරි සමාගම (දැනට ක්‍රියාත්මක නැත)විසින් ගෙවිය යුතු හිගඅධිභාරය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තුමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාවලියකට යොමුවී ඇති බැවින් නඩු තීන්දුවලට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලොබ් බ්ලෙන්ඩර්ස් , වයඹ ස්ප්‍රීතු සමාගම ( තොග වෙළද බලපත්‍රය ) හා පයාගල සමුපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාල සමාගම අයිතිය තහවුරු කර ගැනීම සදහා පියවර ගෙන ඇති අතර ඉදිරියේදී අදාල සුරාබද්ද නොගෙවන සමාගම් සදහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.
උතුරු පලාතේ වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයේ හිග සුරාබද්ද ගෙවන තෙක් මතැපැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබේ.
සුරාබදු ගෙවීම් පැහැර හරින මත්පැන නිෂ්පාදන සමාගම් සදහා ඉදිරියේදි බලපත්‍රය ලබා දීමට අත්හිටුවීමට හෝ දැඩිව නීතිය ක්‍රියාත්මට සුරාබදු දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇතැයිද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක රොෂාන් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.