නිමල් රාජපක්ෂ-
ඹබ අලුතින් වාහනයක් ගත්තද?, එම වාහනය ලියාපදිංචි කරගැනීමේද ගැටලු පවතීද? ,ඹබගේ වාහනය තම නමට ලියාපදිංචි කර ගැනීමේදී ගැටලු පැන නැගී තිබේද ? තම වාහනයේ අංක තහඩුව ලැබී නැද්ද ?රියදුරු බලපතක් ගන්න අවශ්‍යද? ,පැරණි රියදුරු පත අලුත් කර ගැනීමට අවශ්‍යද ? ඹබ වාහනය ලියාපදිංචියට ලබා දී තාමත් තම වාහනයේ පොත තමන් වෙත ලබා ගැනීමට නොහැකි වීද ?, මින් ඉදිරියට තැරුව් කරුවන්ට හසුවන්නට අවශ්‍ය නැත . මෙවැනි ගැටලු වලට කඩිනමින් විසදුම් ලබා දිම සදහා 074 245 3300 යන වට්ඇප් අංකයට පැමිිණිලි කරන්නැයි නව මෝටර් රථ ප්‍රවාහන කොමාසාරිස් ජෙනරාල් විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.
සේවාලාභීන් මුහුණ දෙන ගැටලු විසදීම සදහාම වෙන්වු මෙම වට්ස් ඇප් අංකයට ‘‘මෝටර් රථ කොමාසාරිස් ජෙනරාල්ට කියන්න‘‘ යනුවෙන් හදුන්වාදි තිබෙන අතර ඹබගේ ගැටලුව සදහා මෙම අංකයට කෙටි පණිවිඩයක් මගින් ලබා දීමට පහසුකම් සලසා ඇතැයි ද මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් වරයා වැඩි දුරටත් පැවසුවේය.
