Spread the love


නිමල් රාජපක්ෂ

මීගමුව, පුත්තලම සහ මොහොත්තුවාරම් කලපු හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අගෝස්තු 01 සිට 10 දින දක්වා කාලය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සිය අනූවකට (1590) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

මෙම මෙහෙයුම් මඟින් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු, බීඩි කොල තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙතත්, පුත්තලම කලපුවේදී සහ මොහොත්තුවාරම් මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙතත් භාරදීමට කටයුතු කර ඇත.