හබරණ, පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්රදේශයේදී ඇඟලුම් සේවකයින් ප්රවාහනය කරන බස් රථයක් තවත් බස්රථයක සහ ගොයම් කපන යන්ත්රයක් ප්රවාහන කරමින් තිබූ ට්රැක්ටරයක ගැටීමෙන්සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසයි පවසයි.
අනතුරින් බස්රථවල ගමන් ගත් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ප්රතිකාර සදහා ඇතුලු කර තිබේ.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් දඹුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පැවසුවේය.
