Spread the love

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද (20) සිට ක්‍රියාත්මක වෙයි.

පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්මේන්තුව පියවර ගෙන තිබිණ.

මේවනවිට එම තාක්ෂණික ගැටලුව නිරාකරණය කර සේවාවන් යථා තත්ත්වයට පත් කර තිබේ.