2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම් ඉන්දිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන විභාග දෙපාර්තමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පැවැත්වුණා.
එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, උදෑසන 9.30ට විභාග කටයුතු ආරම්භ කරන බවත් සියලුම සිසුන් අදාළ විභාග මධ්‍යස්ථානය වෙත උදෑසන 8.30 වනවිට පැමිණ සිටිය යුතු බවයි.
පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.
දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.
ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.
පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට.
විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
