Spread the love

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා නගර සභා වල බලය ජාතික ජන බලවේගයට ලබා ගත් පසු වංචනිකයන් දූෂිතයන් නීතිමය කටයුතු කිරීම වේගවත් කළ හැකි බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

දැනටමත් ඊට අදාළ වැඩකටයුතු ඉදිරියට යමින් ඇති බවත් එය තවත් විධිමත්ව සිදු කිරීම සඳහා ‍ප‍්‍රාදේශීය සභා නගර සභාවල බලයද අවශ්‍ය බව ඔහු පැවසුවේය.

කිසිදු වංචනිකයෙකුට දූෂිතයෙකුට ගැලවීමට ඉඩක් නොතබන බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

“නගර සභාවේ බොහෝ කටයුතුවලට චෝදනා තිබෙනවා. පාක් එක ගත්තොත් එතන නඩු. නඩු පිට නඩු. මේ සියල්ලම නගර සභාවේ බලය මාලිමාවට ආවට පස්සේ මීට වඩා විධිමත් විදිහට කරනවා. කිසි කෙනෙකු ගැළවෙන්න නම් ඉඩක් තියන්නේ නෑ. නීත්‍යානුකූලව ඒ සෑම දේකටම එරෙහිව ක්‍රියාත්මක වෙනවා.”

ජාතික ජනබල වේගයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.