Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති මහාචාර්ය කිතුර් කිඳිකි (Prof. Kithure Kindiki) මහතා හමුවූවාය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින  දිගුකාලීන සබඳතා පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර කෘෂිකර්මාන්තය, වෙළෙඳාම හා ආයෝජන මෙන්ම දේශගුණික මූල්‍යකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින  අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ආර්ථික සබඳතා පුළුල් කිරීම, දේශගුණික විපර්යාස හමුවේ පැනනගින අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දේශගුණික මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.