නිමල් රාජපක්ෂ
නිවාස අහිමි අඩු ආදායම් ලාභීන් සදහා මෙතෙක් ලබාදුන් ලක්ෂ හතක මුදල් අගොස්තු පළමු වැනිදා (01) සිට රුපියල් ලක්ෂ දහය (10 00 000/) ඉහළ දමන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
මීට අමතරව අඩු ආදායම් ලාභී පුද්ගලයන් සහිත පවුල් සඳහා නිවාස අළුත්වැඩියාව වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 3ක මුදල රුපියල් ලක්ෂ 5 දක්වා රුපියල් ලක්ෂ 2කින් ඉහල දැමීමටත්, වැසිකිලි ඉදිකිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක මුදල එක් ලක්ෂ පනස්දහස දක්වා රුපියක් පනස් දහසකින් වැඩි කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව තීරණය කර ඇත.
