මාලන් විතාන –
චීන මාධ්‍ය සමූහය (China Media Group – CMG) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කළ ‘The Heritage Guardian’ වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 27 දින කොළඹදී සහභාගී වූවාය. “Cherishing Our Silk Road Bond, Sailing Together towards New Horizons” යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
අග්‍රාමාත්‍යතුමිය සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී සහ චීන මාධ්‍ය සමූහයේ සභාපති ෂෙන් හයිෂියොන්ග් (Shen Haixiong) මහතාගේ සහභාගීත්වයෙන් ‘The Heritage Guardian’ වැඩසටහන නිල වශයෙන් එළිදැක්විණි. මෙම වැඩසටහන මේ වන විට භාෂා තුනෙන් ප්‍රධාන මාධ්‍ය වේදිකා ඔස්සේ විකාශනය කෙරේ.
මෙම වැඩසටහන එළිදැක්වීමට සමගාමීව තවත් වැඩසටහන් මාලාවක් ද එළිදැක්වීම සිදු විය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය සියවස් ගණනාවක් පුරා පැවත එන සංස්කෘතික හුවමාරු, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අපේක්ෂාවන් මත ගොඩනැඟී ඇති බව සඳහන් කළාය. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම ස්මාරක සහ ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමට පමණක් සීමා නොවන බවත්, එයට විවිධ අනන්‍යතා, වටිනාකම්, සම්ප්‍රදායන් සහ අත්දැකීම් අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම ද ඇතුළත් වන බවත් අවධාරණය කළාය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම සහ ඓතිහාසික රබර් සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම හරහා 2027 වසර ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරන බව ද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය. මෙම සන්ධිස්ථාන දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව නැවත ආවර්ජනය කිරීමටත්, ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම අලුත් කිරීමටත් අවස්ථාවක් සලසන බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
පාසල් නිල ඇඳුම් ලබාදීම ඇතුළුව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් චීන රජයට සිය ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍යතුමිය, දෙරට අතර වත්මන් සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් 2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරය අතරතුර මාධ්‍ය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව ද සිහිපත් කළාය.
සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, සංවාදය ප්‍රවර්ධනය කිරීම සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යතුමිය මෙහිදී යළිත් තහවුරු කළාය.
මෙහිදී අදහස් දැක්වූ චීන මාධ්‍ය සමූහයේ සභාපති ෂෙන් හයිෂියොන්ග් මහතා, දෙරට අතර දිගුකලක් තිස්සේ පැවත එන සංස්කෘතික සබඳතා සහ අත්දැකීම් වර්තමානය වන විට ශක්තිමත් ද්විපාර්ශවික සහයෝගීතාවක් බවට පරිවර්තනය කිරීම සඳහා පදනම සපයන බව සඳහන් කළ අතර ඓතිහාසික රබර් සහල් ගිවිසුම පිළිබඳව ද සිහිපත් කළේය. කෘෂිකර්මාන්තය සහ සංචාරක ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද අවධාරණය කළ එතුමා ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, මෙරටට පැමිණෙන චීන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නැංවීමටත් චීන මාධ්‍ය සමූහයේ කැපවීම තහවුරු කළේය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ මෙම වැඩසටහන දෙරට අතර සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කරනු ඇති බවයි.
තවද, එහිදී අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, මෙම වැඩසටහන චීනය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය තවත් ඉහළ නැංවීමට ලැබුණු ඉතා වටිනා අවස්ථාවක් ලෙස සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව කරා චීන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඇති කැපවීම ද යළිත් තහවුරු කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස , ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති වෙයි හුආෂියෑං (Wei Huaxiang) මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞෂල්‍යා ආරියරත්න , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා, විද්වතුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
