Spread the love

නිමල් රාජපක්ෂ –

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථන අතර පිලී පැනීමකට ලක්ව ඇත.

දුම්රියේ එංජිමේ එක් රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් මෙසේ පිලී පැනිමකට ලක්වීම නිසා දුම්රිය ධාවයට ඇත.

උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ කොටසේ මෙම වර්ෂයේ දී දිගින් දිගටම පිලී පැනීම සාමාන්‍ය තත්ත්වයකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙකුගේ හෝ වගකිවයුතු කිසිදු අයකුගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකී.

විශේෂයෙන්ම ලංකාවට පැමිණෙන සංචාරකයන් බහුල වශයෙන් දුම්රියේ මෙම කොටසේ අසිරිය නැරඹීමට අමතක නොකරන අතර එවන් කොටසක මෙසේ දිනපතාම දුම්රිය පිලි පැනීම් සිදුවීම ජාත්‍යන්තර වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් වීමකී.
.
උඩරට මාර්ගයේ පිලී පැනිම දැන් හේතුවෙන් අද දින බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි