නිමල් රාජපක්ෂ
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) 2026 ඔක්තෝබර් මස 03 වන දින සන්ධ්‍යා කාලයේදී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
ඒ අනුව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා රාශියක් අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටින බව ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව විසින් නිරීක්ෂණය කර, ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගත් අතර, එහි සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) ද එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.
තවද, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ඉන්දීය ධීවර යාත්‍රාව මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රගෙන එමින් සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත.
