Spread the love

නිමල් රාජපක්ෂ

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ ජාතික මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බඳවා ගනු ලැබූ නව රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකු වෙත ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2026/11/ 23 ඊයේ දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී නව රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකු වෙත ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු අතර, එම බඳවා ගැනීම් සීමිත පදනම සහ විවෘත පදනම යටතේ සිදු කර තිබේ.

ඒ අනුව, දෙපාර්තමේන්තුවේ දැනටමත් සේවයේ නියුතුව සිටි නිලධාරීන් අතරින් සීමිත පදනම යටතේ නිලධාරීන් 20 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර ඇත.