නිමල් රාජපක්ෂ
රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය ආර්ථික කළමනාකරණය සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2024 වසරේ අපොස උසස් පෙළ විශිෂ්ඨයින් ඇගයීම වෙනුවෙන් දෙසැම්බර්21 දින කිලනොච්චිය, ඉරණමඩු යුද හමුදා කඳවුරේ නෙළුම් පියස ශාලාවේ පැවති උතුරු පළාතේ දූදරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් 2024 වසරේ උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් දරුවන් 300 දෙනෙක් වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.
අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි. අපි ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහට භාවිත කරන්නයි.
දිට්වා සුලි කුණාටුව නිසා රටේ සෑම දිස්ත්‍රික්කයකම හානි සිදු වුණා. අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, පාසල්, රෝහල්, මාර්ග රැසකට හානි සිදු වුණා අදටත් පනස් දහසක් පමණ ජනතාවට තමන්ගේ නිවාස වලට යන්න බැහැ.
උතුරු ප්‍රදේශයේ වැඩිහිටි ජනතාවට කඳවුර ජීවිතේ ගැන අත්දැකීම් ඇති එහි දුෂ්කර බව අපි ඔබට කිවයුතු නැහැ, යුද්ධය නිසා වසර ගණනාවක් අවතැන් කඳවුරු වල හිටියා. නමුත් අපේ රජය මේ සුළිකුණාටුවෙන් පසු එහෙම කඳවුරු වල තියාගන්න අදහසක් නැහැ.
