Spread the love

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 මැයි මාසය සඳහා -0.7% ක් දක්වා වැඩි වී ඇත. එය 2025 අප්‍රේල් මාසය සඳහා -2.0% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025 මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 5.2% දක්වා වැඩි වී ඇති අතර 2025 අප්‍රේල් මාසයේ දී එය වාර්තා වූයේ 1.3% ක් ලෙසයි.

එමෙන්ම, 2025 මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 අප්‍රේල් මාසයේ දී -3.6% ක් ලෙස වාර්තා විය