නිමල් රාජපක්ෂ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක්, ඒ සදහා අනුමැතියන් නොමැති බැවින් රේගුව භාරයට ගෙන ඇත
මෙම ඩෝන කැමරා රැගෙන ඒම සදහා වු අනුමැතීන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම ඩ්‍රෝන යානා රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසයි.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතනවලින් අදාළ අනුමැතීන් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය..
