Spread the love

ඇත්ත ප්‍රකාශ කරන අයට බලය හිමි නොවන බවත්, බොරු පොරොන්දු ලබා දෙන අයට ඡන්දය ලබා දීමට වතුකරයේ ජනතාව පෙළබී ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේඛම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් අඹගමුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් ඇබොස්ලි වතුයායේ පැවති රැස්වීමකදි ජීවන් තොන්ඩමන් මහතා ඒ පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසය තමයි වතුකරයේ ජනතාවගේ පඩි වැඩි කිරිමට මෙතෙක් කටයුතු කර ඇත්තේ.

“අනෙක් පක්ෂ ලබා දෙන පඩිය මදි කියලා විවේචනය කරනවා විතරයි. මම රාජ්‍ය ඇමති කාලෙත් කැබිනට් ඇමති කාලෙත් මට ලැබුණු ප්‍රතිපාදන වලින් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කලා. වතුකම්කරුවන්ට පඩි වැඩි කරලා දෙනවා කියලා ජනාධිපතිතුමා තලවකැලේදි කිව්වා. තාම පඩි වැඩි කලේ නෑ. රැල්ලට ඡන්දය භාවිතා කරන්න යන්න එපා. හැමදාම වතුකම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබන ලෙස වැඩි දුරටත් පැවසීය.