Spread the love

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් වසර 3ක් සඳහා බඳවා ගැනීමට නියමිත බවයි.