Spread the love

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ ඉන්දීය ජනාධිපතිනි ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු වෙත සිය අක්තපත්‍ර ප්‍රදානය කර තිබෙනවා.

අද (29) රාෂ්ට්‍රපති භවන් හි පැවති උත්සවයකදී ඉන්දීය ජනාධිපතිනිය මහ කොමසාරිස්වරයාගෙන් මෙම අක්තපත්‍ර පිළිගෙන ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්වීම අනුමත කිරීමෙන් පසු මහීෂිනි කොලොන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත් කරනු ලැබුවා.

මහීෂිනි කොලොන්නේ මහත්මිය 2011 සිට 2014 දක්වා ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර තිබෙනවා.