නිමල් රාජපක්ෂ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “පිරිසිදු වෙරළ තීරයක් හා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් “තේමාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කල රට වටා වෙරළ පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී අද (.29) ක්‍රියාත්මක කරන ලදි.
එම අවස්ථාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්පීසී සූගීශ්වර මහතා, පරිසර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලදාරීන්, ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් 600ක පමණ පිරිසක් සහභාගීවී ඇත.
දිවයින වටා වූ කිලෝ මීටර් 1,340 ක පමණ වෙරළ තීරය ආවරණය වන පරිදි පළාත් 5ක මුහුදු සිමාවට මායිම්වූ දිස්ත්‍රික්ක 14 ක් තුල පිහිටි ස්‍ථාන 253 ක් මුල් කරගනිමින් මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.
මෙහිදී ආරක්ෂක අංශ, පරිසර අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සහ සිවිල් සංවිධාන, පරිසර සංවිධාන මෙන්ම දේශීය සහ විදේශීය පරිසර හිතකාමීන් ඇතුලු 20,000ක පමණ පිරිසකගේ සහයෝගයෙන් ටොන් 78ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතුකර නිසි කළමනාකරණයට යොමු කිරීමට හැකිවිය.
මෙම කාර්යය සඳහා සහය ලබා දුන් ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අංශ, පොලීසිය ඇතුළු රජයේ දෙපාර්තමේතු හා ආයතන වෙතත්, පුද්ගලික ආයතන වෙතිත් සහභාගී වූ තරුණ පිරිස ඇතුළු සියළුම ජනතාව වෙතත්, මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් සියලුම මාධ්‍ය ආයතන වෙතත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර, සුන්දර වෙරළක අත්දැකීම් මතු පරපුරටත් උරුම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩසටහන සඳහා ඉදිරියේදීත් දායක වන මෙන් යුද්ධ හමුදාව විසින් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනු ලැබේ.
