Spread the love


නිමල් රාජපක්ෂ

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ ( 27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කළහ.
මෙලෙස කොළඹ වරායට පැමිණි Frigate MPCS වර්ගයට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව, දිගින් මීටර් 143ක් හා නැව්මුළුව 165ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් John David Nalasakti කටයුතු කරනු ලබයි.

තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇති අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘KRI BRAWIJAYA-320’ නෞකාව මේ මස 30 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.