අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392 කි
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළදැමු අතර එහි නවමිල වන්නනේ රුපියල් 458 කි
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 470කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410 කි
ලංකා භූමිතෙල් මිල රුපියල් 10කින් ඉහළ දැමු අතර එහි නව මිල රුපියල් 265ක් වෙයි.
අදාල නිවේදනය පහතින්..

