Spread the love

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුතු කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමේ සිද්ධිවට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මීගමුව වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර හමුවටඒ අද (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් කෝටි 110 කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් 22ක් කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.

ගමන් මළු තුළ සඟවා ගෙනැවිත් තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් පමණ එහිදී සොයාගත් අතර, පොලිසිය පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 110 කට අධික බවයි.

අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම පිරිස මෙහෙයවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ.

මේ අතර, භික්ෂූන් වහන්සේ විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහනායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.