Spread the love

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික සේවය කරන ලංකාවේ තරුණයින් 20 ක් රැගත් බස් රථය හදිසි ගිණි ගැනීමකට ලක් වූ අතර ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

මෙම බස් රථයේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට ඇති අතර බස් රථය ගිණි ගැනීමේ දී එහි දොර අවහිරවීම මත එහි සිටි පිරිස එහි ජනෙල් කඩා එයින් ඉවත්වී ඇත

අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවේ.