Spread the love

නිමල් රාජපක්ෂ

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව උතුර , උතුරු මැද, නැගෙනහිර සහ ඌව පලාත්වලත් . මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පලාත් වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර , මධ්‍යම , සබරගමුව , ඌව , වයඹ සහ උතුරු මැද පලාත්වල ඇතැම් ස්ථාවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියි.
එබැවින් ගිගුරුම් සහිත වැසි සමගින් ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගන්නා හැටියට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලීසිය මහජතාවගෙන් ඉල්ලා සිටී.