නිමල් රාජපක්ෂ
ප්‍රවීණ ඡායාරූප ශිල්පී, චිත්‍රපට අධ්යාක්ෂ P.U.D.පෙරේරා මහතා විසින් රචිත “55වසරක කරලියේ සේයා රූ” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ඔක්තොම්බර් 09වන දින අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
P.U.D.පෙරේරා මහතා විසින් රචිත “55වසරක කරලියේ සේයා රූ” කෘතිය අග්‍රාමාත්‍යතුමිය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
වසර 55ක් පුරා කැමරා අධ්‍යක්ෂකවරයෙක්, සිනමා ඡායාරූප ශිල්පියෙක් ලෙස සිංහල සිනමාවේ සුවිශේෂි සිදුවීම්වල ඡායාරූප ඇතුළත් කරමින් පී. යූ.ඩී. පෙරේරා මහතා විසින් රචිත මෙම කෘතිය සිනමා ඉතිහාසයේ අතිශය වැදගත් කෘතියක් වනු ඇති බව මෙහිදී අදහස් දැක් වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේය.
