Spread the love

දිවයිනට දැනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අධික උෂ්ණත්වය හමුවේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ලවන තත්ත්වයක් මතුව ඇති අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් වඩා අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් එළිමහනේ කටයුතු කරන පුද්ගලයින්, මහාමාර්ගවල වැඩකරන පුද්ගලයින් මෙන්ම මේ දිනවල කුඹුරු ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයින්ද වඩා කල්පනාකාරී විය යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම තත්ත්වයන්වලින් වැලකීමට නම් වැඩිපුර ජලය පානය කළ යුතු බවත් එසේම වැඩි වශයෙන් ස්වභාවික දියර වර්ග පානයට ගත යුතු අතර කෘත්‍රිම දියර වර්ග පානය ශරීරයට අහිතකර බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.