Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය එංජින් කිහිපයක් කාර්මික දෝෂ වලට ලක්වීම හේතුවෙන් අද(18) උදෑසන හලාවත මාර්ගයේ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය .
මෙහීදි පාන්දර 4.30 ධාවනය වීමට නියමිත දුම්රිිය ක එංජිම දුම්රිය අංගනයේදීම කාර්මික දෝෂයට ලක්වීමෙන් එම දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවු බවද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේය.
මීට අමරතරව රඹුක්කන සිට පානදුර බලා ධාවනය වු කාර්යාල දුම්රියක් මීරිගම වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතරදි කාර්මික දෝෂයක ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වීය .
නමුත් කාර්මික දෝෂයට ලක්වු එංජිම යළි සකස් කොට මේ වනවිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගැනිණ. හලාවත මාර්ගයේදී එවැනිම ආකාරයේ දුම්රිය එංජිමක් කාර්මික දෝෂයකට ලක්වුවද මේ වනවිට සියළුය මාර්ගවල දෝෂවලට ලක්වු දුම්රියයන් කොළඹ කොටුව බලා ධාවනය කිරිමට හැකිවු බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
නමුත් මෙවැනි සිද්ධින් නිසා කාර්යාල බලා ගමන් ගන්නා මගින් දැඩි දුෂ්කාරතාවයන්ට පත්වුහ.