Spread the love

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ  ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්ගේ එක්දින වැටුප වශයෙන් රුපියල් 31,835,602ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ලබාදුන් අතර, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.