Spread the love

නිමල් රාජපක්ෂ –

සේරුනුවර පොලිස් වසමේ සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ දියනෑමට ගිය එකම පවුලේ සොහොයුරන් තිදෙනකු දියේ ගිලී අතුරුදන්වි ඇතිබව සේරුනුවර පොලීසිය පවසයි
මෙසේ අතුරු දන් වි ඇත්තේ ඊයේ සවස් කාලයෙදීය. අතුරුදන්වු පුද්ලගලයින් අතර අවුරුදු 24, 34 ,35 යන වසය් කාණ්ඩවල මහින්දපුර ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකි.
සිය පියා සහ තවත් සහෝදරයකු සමග දිය නාමින් සිටියදි මෙසේ අතුරු දන්වී ඇති අතර නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරින් සේරුනුවර පොලිස් නිලධාරීන් සෝදිසි මෙහෙයුම් සිදු කරයි.